ග්‍රෑන්පාස් ගැටුමකින් ආනමාළු රංග හා තවත් අයෙක් මරුට

අගෝ 15, 2019

    ග්‍රෑන්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී තියුණු ආයුධවලින් ඇන පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

    මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිදු වන්නට ඇතැයි, පොලීසිය පවසයි. අද(15) සවස 4.15 ට පමණ මෙම පිරිස පැමිණ ඇත්තේ ත්‍රීරෝද රථ දෙකකින්. එක් ත්‍රීරෝද රථයක පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් විසින් අනෙක් ත්‍රීරෝද රථයේ සිටි දෙදෙනෙකුට මන්නා පිහි පිහිවලින් ඇන මෙම ඝාතනය සිදු කර තිබේ.

    එහිදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ආනමාළු රංග සහ තවත් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. තුවාල ලැබු දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වෙන විටත් මියගොස් සිට ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 17:07

    Latest News