නැවේ ගැටුණු යාත්‍රාවේ ධීවරයින් අද රාත්‍රී ගොඩබිමට

නොවැ 20, 2018

    කිරින්ද මුහුදු සීමාවට නාවික සැතපුම් 40ක් ඔබ්බෙන් නෞකාවක ගැටුණු “සදෙව්-1“ ධීවර යාත්‍රාවේ ධීවරයින් අද රාත්‍රියේ දී ගොඩබිමට ගෙන එන බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් ඒකකය පවසයි.

    “සදෙව්-1“ ධීවර යාත්‍රාව අද අලුයම 01ට පමණ නැවක ගැටී තිබේ. ධීවර යාත්‍රාව අනතුරට පත්වීමෙන් පසු “මධූෂ-5“ බහුදින යාත්‍රාවෙන් එහි සිටි ධීවරයින් පස් දෙනෙකු බේරා ගෙන ඇත.

    ඒ අද අලුයම 4.30ට පමණ. අනතුරෙන් විපතට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් ගොඩබිමට ගෙන ඒම සඳහා නාවික හමුදාවේ යාත්‍රාවක් ද එම මුහුදු සීමාවට ගොස් තිබේ. දැනට “මධූෂ-5“ බහුදින යාත්‍රාව සිටින මුහුදු ප්‍රදේශය නාවික හමුදාව සහ ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් ඒකකය නිරික්ෂණය කරමින් සිටී.

    මෙම “මධූෂ-5“ බහුදින යාත්‍රාව ධීවර පන්න කටයුතුවල නිරතව සිටින බැවින්, නියමිත ස්ථානය නිශ්චිතව හඳුනාගැනිමට නොහැකි බවයි, සෝදිසි මෙහෙයුම් ඒකකය රූපවාහිනියට කියා සිටියේ. මේ වනවිට බෝට්ටුව මුහුදේ ගිලියමින් පවතී.

     

     

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

     

     

    Latest News