පකිස්තානය 73 වැනි නිදහස සමරයි (වීඩියෝ)

අගෝ 14, 2019

    ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සහය තවදුරටත් ලබාදෙන බව, පකිස්තානය පවසයි.

    ශ්‍රී ලංකාවේ වැඩබලන පකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෂහීඩ් අහමඩ් මහතා අද (14) මේ බව පැවසීය. ඔහු මේ බව කියා සිටියේ, 73 වැනි පකිස්තාන නිදහස් දින සැමරුම නිමිත්තෙන්, කොළඹ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවයකදීය. පකිස්තාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පණිවුඩ එහිදී ප්‍රකාශ කෙරිණ. 1947 වසරේ දී පකිස්තානය බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස ලබාගැනීම මෙහිදී සමරනු ලැබීය. නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පකිස්තානය සමඟ රාජ තාන්ත්‍රික සබඳතා ආරම්භ කරනු ලැබීය. පකිස්තාන මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, තම රට සාමය කැපවූ රටක් වන බවයි. දකුණු ආසියාවේ සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට පකිස්තානය නිබදවම සහය ලබාදී තිබේ. මෙම වසරේ නිදහස් දිනය කාශ්මීර සහයෝගීතා දිනය ලෙස සැමරීමට පකිස්තානය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව සමඟ අන්‍යෝන්‍ය ගෞරවය, අවබෝධය සහ සමීප සහයෝගීතාව මත පදනම් වූ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පකිස්තානය බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා රජයට හා ජනතාවට සුබපතන බව පකිස්තාන වැඩබලන මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. පකිස්තාන ප්‍රජාව සහ සම්භාවනීය අමුත්තන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    පකිස්තාන නිදහස් දින සැමරුම් ප්‍රධාන උත්සවය පැවැත්වුණේ ජනාධිපති අරීෆ් අල්වි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉස්ලාමාබාද් නුවරදීය.

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 20:17

    Latest News