එංගලන්ත ක්‍රීඩකයින් - කොටි වැලලු බෝම්බ නරඹයි (ඡායාරූප)

නොවැ 19, 2018

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මන්නාරම, පෙරියමඩු බිම් බෝම්බ නිෂ්ක්‍රීය කෙරෙන ප්‍රදේශ නැරඹීමට ගොස් තිබේ.

    මේ සංචාරයට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට්, ජොනි බෙයාර්ස්ට්‍රෝ, කේටන් ජෙනිස් සහ ඕලි ස්ට්‍රෝන් ඊට එක්වූහ.

    මෙම ප්‍රදේශයේ බිම්බෝම් නිෂ්ක්‍රීය කිරීමේ කටයුතුවල නිරත මයින්ස් ඇඩ්වයිසරි ගෘෘප් ආයතනයේ නිලධාරීන් විසින් ක්‍රිඩකයින්ව සුහදශීලිව පිළිගැනිණ. ඉන් අනතුරුව ක්‍රීඩකයින් බිම් බෝම්බ නිෂ්ක්‍රීය කරන ප්‍රදේශ දැකබලා ගත්තේය.

     2016 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ නිෂ්ක්‍රීය කටයුතු සඳහා එංගලන්තය පවුම් මිලියන 2.5ක මුදලක් පිරිනමා තිබේ.

    ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම සහ සහජිවන ක්‍රියාවලියට සෘජු සහ වක්‍ර ආකාරයෙන් සහයෝගය පළ කිරීමක් ලෙසයි මෙම අරමුදල්  එංගලන්තය විසින් පිරිනමා ඇත්තේ. 2020 දී ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් ලෙස ස්ථාපනය කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව, මයින්ස් ඇඩ්වයිසරි ගෘෘප් ආයතනයේ විධායක නිලධාරී ජේන් කොකින් පවසයි.

    මයින්ස් ඇඩ්වයිසරි ගෘෘප් ආයතනයේ විධායක නිලධාරී ජේන් කොකින් - “ලෝක ජනගහනයෙන් මිලියන 60ක ප්‍රමාණයක් බිම්බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍යවලින් භීතියට පත්ව සිටිනවා. සෑම පැයකට වරක් පුද්ගලයෙක් මියයාම හෝ තුවාල ලැබීම සිදුවනවා. ඒ වගේම සෑම පැය භාගයකට වරක් ළමයින්ද ගොදුරු වනවා. 2020දී බිම්බෝම්බවලින් තොර රටක් කිරීම අපේ අරමුණයි. එවිට බිම්බෝම්බ ගැන හැගීමක් හෝ බිම්බෝම්බ පිපිරීම ගැන බියක් ඇති නොවේ“ යැයි ඔහු කියා සිටියේය.

    සංචාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කරනු ලැබිණ. මේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොවුරිස් මහතා ද එක්විය.

    England team2 px 900 18 11 19

    England team3 px 900 18 11 19

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 20 නොවැම්බර් 2018 15:17

    Latest News