ගාමිණී - රංජිත් අද ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

අගෝ 13, 2019

    බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව වෙත අද (13) කැඳවා තිබේ.

    ඒ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

    එමෙන්ම හිටපු විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතාට ද ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ඒ, විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිළදී ගැනිමේදි සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදි සිදුවු වංචා දුෂණ සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 08:37

    Latest News