අද සිට 11 තෙක් මුහුදු ගමන් අනතුරුදායකයි

අගෝ 08, 2019

    අද සිට උතුරු හා මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල 11 වැනි දින දක්වා ධීවර හා නාවික කටයුතුවල යෙදීම අනතුරුදායක බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනට බස්නාහිර ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉදිරි පැය 6තුල මන්නාරම හා පුත්තලම හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකියි. එවිට සුළගේ වේගය පැයට කිලෝ මීටර 80ක් පමණ ඉහළ යාමට හැකි හෙයින්, එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමට හැකියාවක් පවතී. මන්නාරම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 07:50

    Latest News