යාපනයේ වෙළෙඳසැල් 2ක් ගිනිබත් වෙයි

අගෝ 08, 2019

    යාපනය, චාවකච්චේරි,චාවකච්චේරි මඩත්තඩි මංසන්ධියේ වෙළඳසැල් දෙකක් ගිනිගෙන විනාශ වී තිබේ. ගින්න හට ගැනුණේ ඊයේ(07) රාත්‍රීයේ.

    ගින්නෙන් විනාශ වී ඇත්තේ පෑස්සූම් වැඩපොළක් හා පළතුරු වෙළදසැලක්.ගින්න හට ගැනීමත් සමඟ ප්‍රදේශවාසීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ ගින්න මැඩ පැවැත්වීමට උත්සහ කළද ගින්න පැතිරගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    අනතුරුව යාපනය මහනගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. සිද්ධියෙන් පුද්ගලයින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 07:40

    Latest News