Vesak

සමෘද්ධියෙන් සුව බොජුන්හල් දිවයින පුරා

මාර් 07, 2019

    දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍ර ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් යුතු සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් පියවර ගෙන තිබේ.

    අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත ඉදිකළ පළමු සුව බොජුන්හල ගාල්ල, බද්දේගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍රයේ දී හෙට (මාර්තු මස 08) උදෑසන 10.00ට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. මෙම සුව බොජුන්හල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25 ඉක්මවයි.

    සමෘද්ධිලාභී කාන්තාවන් සවිබලගැන්වීම උදෙසා ක්‍රියාත්මක මෙම වැඩසටහන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන්නකි.

    සුව බොජුන්හල් තුළ වස විස නොමැති කාබනික පොහොර යොදා ගනිමින් නිෂ්පාදිත නැවුම් නිමි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ. ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් සමෘද්ධිලාභී කාන්තාවන් පුහුණුවකින් සවිබල ගන්වා ඇත.

    මෙවැනි සුවබොජුන්හල් ඉදිරි දින කිහිපයේ දි අම්පාර, පුත්තලම, පොළොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කයන්හි දී ද ඉදි කිරීමටයෝජිතව ඇත.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා , නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන අමාත්‍යවරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිත පිරිස් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 12:07

    Latest News

    Calender

    « May 2019 »
    Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3 4 5
    6 7 8 9 10 11 12
    13 14 15 16 17 18 19
    20 21 22 23 24 25 26
    27 28 29 30 31