අගමැති තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂී දෙයි (විඩියෝ)

අගෝ 06, 2019
  • අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද සාක්ෂී ලබාදුන්නා.

    තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූයේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා.....

    “විටින් විට ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ දී මේ පිළිබඳ වාර්තා ලැබුණා. ඒ එක්කම මට සාමාන්‍ය යෙන් සුමානයට දෙපාරක් හෝ තුන්පාරක් නීතිය, සාමය ඇමතිතුමාගෙන් වාර්තා ලැබුණා, රාජ්‍ය බුද්ධි සේවාවේ ඒ අයට දෙන කරුණු ඒ වාර්තාවෙන් මට කරුණු ගැන මට සඳහන් කළා ජාතික වශයෙන් වැදගත් වන කරුණු ගැන දැනුම් දෙන්න කියලා. කලින් කල අපිට ආවේ මෙහෙම අන්තවාදී ඉස්ලාම් සංවිධාන අයි.එස්.අයි.එස්. සහයෝගය දෙන ඒ මතය දරණ පිරිස් හිටියා කියලා. අපිට ඒ වගේම සාක්ෂි ආවා දැනුවත් කළා මම හිතන්නේ පළමුවෙන්ම සිරියාවේ මැරුණු එක පුද්ගලයෙක් ගැන. ඒ පුද්ගලයා මැරුණු අවස්ථාවේ නොවෙයි ලැබුණේ පසුව ලැබුණේ. අනෙක් පුද්ගලයා මරණයට පත්වුණායින් පස්සේ කට්ටියක් සිරියාවට ගිහිල්ලා හිටියා පසුව ලංකාවට ඇවිල්ලා හිටියා. ඒ ගැන බුද්ධි අංශයට කිව්වා ඒ අය එක්ක කරුණු හොයලා බලලා සම්බන්ධ තියෙන ඒවායින් කරුණු හොයන්න කියලා. මෙහෙම කාලයක්ම මේ අය ගැන තොරතුරු ලැබුණා. මම ඉන්න කාලේ තුළදී මෙහෙම අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියාවක යෙදුණ එකක් අපිට ලැබුණේ නැහැ. මේ පිලිබඳ විටින් විට ආරක්ෂක මණ්ඩලයේ ඊටත් වඩා මට පහසුකම් හම්බවුණේ සතියට දෙපාරක් නීතිය හා සාමය ඇමතිවරයා මාව හමුවෙලා මට සාමාන්‍ය යෙන් බුද්ධි අංශයෙනුයි, පොලිසියෙනුයි ලැබුණේ ප්‍රධාන ප්‍රශ්න ගැන කරුණු දැක්වීම“ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

     

     

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 10:07

    Latest News