ඉදිරි දිනවල බෙංගාල බොක්ක සහ අරාබි මුහුද රළු වේ

අගෝ 03, 2019

    ඉදිරි දිනවල බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හා අරාබි මුහුදු ප්‍රදේශයවල තද සුළං තත්වයක් හා මුහුදේ රළු ස්වභාවයක් ඇති වන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 10-20 අතර සහ නැගෙනහිර දේශාංශ 83-95 අතර ප්‍රදේශවල අගෝස්තු 05 සිට 09 දක්වා මෙම තත්වය ඇතිවේ.

    එසේම උතුරු අක්ෂාංශ 13-20 අතර සහ නැගෙනහිර දේශාංශ 60-75 අතර අරාබි මුහුදු ප්‍රදේශවල අගෝස්තු 05 සිට 11 දක්වා මෙම රළු ස්වාභාවය බලාපොරොත්තුවේ.

    එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 70-80 දක්වා වැඩිවන අතර මුහුදු රළු හෝ දළ රළු විය හැකි බවත් එමනිසා ධීවර සහ නාවුක කටයුතු අනතුරුදායක බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

    Latest News