දිවයිනේ පාසල් 12 ක් නැවත විවෘත වන්නේ සැප්. 16

අගෝ 02, 2019

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 ක දී සිදු කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව 2019 අගෝස්තු 15 වැනි දින සිට අගෝස්තු 20 වැනි දින දක්වා ඇගයීම් මණ්ඩල 436 ක් යටතේ ගුරුවරුන් 6976 කගේ සහභාගීත්වයෙන් සිදුවේ.

    2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර තුනක් යටතේ ආරම්භ කිරීමට නියමිතයි.

    එහි පළමු අදියරේ කටයුතු 2019 අගෝස්තු මස 28 වැනි දින සිට සැප්තැම්බර් 13 වැනි දින දක්වා ඇගයිම් මණ්ඩල 498 ක දී ගුරුවරුන් 8466 කගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    මේ කාලය තුළ වසනු ලබන පාසල් සංඛ්‍යාව 26 ක්.

    එම පාසල් මෙම වසරේ තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් 16 වැනි දින නැවත ආරම්භ වීමට නියමිතයි.

    එම පාසල් 12 මෙසේයි.....
    කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ 04 හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිදු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහදේවී බාලිකා මහ විද්‍යාලය, මහන්වර සීතාදේවී බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාෙලා්ක විද්‍යාලය, බදුල්ල විහාර මහා දේවී බාලිකා විද්‍යාලය, බදුල්ල ඌව මහා විද්‍යාලය

    Latest News