මොණරාගල මැණික් ගැරු 04ක් මාට්ටු

අගෝ 01, 2019

    මොණරාගල, මැදගම, හැවන්දෙනිය ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධීව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිවුදෙනකු මැණික් ගැරීම සදහා යොදාගත් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි කරුවන් බව මොණරාගල කොඨ්ඨාශ දූෂණ මර්දන ඒකකය පවසයි.

    මෙම සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති අතර එම නිසා එම ප්‍රදේශයේ පරිසරයටද දැඩි හානි සිදු වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් ඉදිරි විමර්ශන සිදු කෙරේ.

    Latest News