ශිෂ්‍යත්ව උපකාරක පංති අද මැදියමෙන් තහනම්

ජූලි 31, 2019

    පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ද සියලු උපකාරක පංති හා දේශන පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වෙයි. අදාළ කාලය තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීමට තහනම් වෙයි.

    ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිම, බෙදාහැරිම, විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් බැනර් අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබාගැනීම තහනම් වෙයි.

    යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කළහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 04 වන දින පැවැත්වෙන අතර අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 05 වන දින ආරම්භ වීමට නියමිතයි.

    Last modified on බදාදා, 31 ජූලි 2019 07:57

    Latest News