ජම්බුගස්මුල්ලේ වෙඩි තැබීමේ සැකකරුවෙකුට මාංචු

ජූලි 31, 2019

    නුගේගොඩ - ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තවත් ව්‍යාපාරිකයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකළේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසහේ නිලධාරීන් පිරිසක් විසින්. 39 හැවිරිදි සැකකරු නුගේගොඩ - ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී වෙඩි තැබීම සිදුකිරීමට පැමිණි පුද්ගලයින් පැළද ආ හිස් වැසුම් දෙක ද සොයාගෙන තිබේ.

    පසුගිය 28 වැනිදා නුගේගොඩ - ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට වෙඩි තබනු ලැබුවේ පසුගිය 28 වැනිදායි.

    Last modified on බදාදා, 31 ජූලි 2019 07:52

    Latest News