ATM යන්ත්‍රයෙන් මුදල් ගත් සැකකරු මාට්ටු

ජූලි 30, 2019

    එ ටි එම් කාඩ් පතක් සොරකම් කර බැංකුවකින් මුදල් ලබාගත් සැකකරුවෙක් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

    හැටන් ෆෘට්හිල් වත්තේ පදිංචි අයෙකුගේ එ ටි එම් කාඩ් පත සැකකරු විසින් සොරකම් කර හැටන්, අවිස්සාවේල්ල යන නගර වලදි අවස්ථා කිහිපයකදි මුදල් ලබාගෙන ඇති බවට හැටන් පොලිසියට ලද පැමිණිල්ල මත විමර්ෂන ආරම්භ කර ඇත.

    සැකකරු එ ටි එම් යන්ත්‍රයෙන් මුදල් ලබා ගන්නා අයුරු සිසිටිවි දර්ශන මගින් තාහුරු කර ගැනිමෙන් පසු ඔහු සොයා මෙහෙයුමක් පොලිසිය විසින් දියත් කර තිබුණි.

    සැකකරු හැටන් ප්‍රදේශයේම පදංචිකරුවෙකු වන අතර මුදල් ලබා ගැනිමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලාගොස් සිට අද (30) ආපසු හැටන් නගරය වෙත පැමිණ සිටි අවස්තාවේ පොලිස් නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි. සැකකරු විසින් සොරාගන්නා ලද එ ටි එම් කාඩ් පත සහ සැකකරු විසින් ලබාගත් මුදල් වලින් රු එක් ලක්ෂ විසි දෙදහසක මුදලක් ඔහු සන්තකයේ තිබි පොලිසිය විසින් සොයාගෙන ඇත.

    Latest News