හිස්බුල්ලා: මඩකලපුව කැම්පස් එකට මුදල් ලැබුණේ මහබැංකුව හරහා: රජය සමඟ හවුලකට සූදානම් (වීඩියෝ)

ජූලි 30, 2019

    මඩකලපුව විශ්වවිද්‍යාලය රජය සමඟ ඒකාබද්ධව පවත්වා ගෙන යාමට සූදානම් බව, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දැක්වූ හිස්බුල්ලා මහතා....

    “මේ විශ්වවිද්‍යාලය මම වැලිකන්ද ප්‍රදේශයේ වැලිකන්ද-පොළොන්නරුව මායිමේ අපි තෝරා ගත්තේ, මේ පැත්තේ තියෙන්නේ සිංහල ගම්මාන ඔක්කෝම. පිටපස්සේ තියෙන්නේ වාකරේ දෙමළ ගම්මාන. අනෙක් පැත්තේ තියෙන්නේ මුස්ලිම් ගම්මාන. මම ඒ තැන තෝරා ගත්තේ විශ්වවිද්‍යාලයට යන්න බැරි තරුණ-තරුණියන්ට හොඳ උසස් අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා තමයි මෙතන හදලා තියෙන්නේ.

    මේක දෙමළ, මුස්ලිම්, සිංහල, කිසිම භේදයක් නැහැ. අපේ විශ්වවිද්‍යාලයේ අවසාන මේ කාලයේ හිටපු අපේ උපකුලපති සිංහල බෞද්ධ එක්කෙනෙක්. ළමයි තුන්දාහක් ඉගෙන ගන්න පුලුවන්. නිවාස, ක්‍රීඩා පහසුකම් “යුනිවර්සිට් සිටි“ මොනවටවත් එලියට යන්න ඕනේ නැහැ. බැංකු, තැපැල් කාර්යාල, රෝහල් සම්පුර්ණයෙන්ම හදලා තියෙනවා. මම ෂර්යාවලට සම්බන්ධ ආගමික විෂය සම්බන්ධව මෙතන හදන්න ඕනේ නැහැ. මට කල්මුණේ, සමන්තුරේ ඕන තැනක හදන්න පුලුවන්. මම හදලා තියෙන්නේ මේක ලංකාවේ සියලු ජාති ළමයින්ට. කොච්චර වුණත් සැකයක් වෙලා තියෙනවා අපේ ආයතනය ගැන. ඒක නිසා අපි කැමතියි රජයත් එක්ක එකතුවෙලා කරන්න. සියයට පනහට පනහක් ලෙසින් කළමනාකාරිත්වය බාරගන්න. ආණ්ඩුවේම උප කුලපති පත්කරන්න. ආණ්ඩුවේම ළමයි ගන්න. සියලුම විෂයයන් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බලය දෙනවා. මොන විධියට හරි අපි ලැහැස්තියි ආණ්ඩුවත් එක්ක එකතුවෙලා කරන්න“ යැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 20:00

    Latest News