අළුත්ගමගේ එජාපය හැර ගියේ ඇයි?

නොවැ 17, 2018

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ඉදිරි අනාගතය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැක්මක් ඇති පළපුරුදු නායකයෙක් බව නියෝජ්‍ය ඇමති ආනන්ද අළුත්ගමගේ මහතා පවසයි.

    අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක දී ඔහු තවදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය තුළ එවැනි ධනාත්මක තත්වයක් නොමැති බවයි. ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්වනු ඇතිවනු බව ද ඔහු කියා සිටියේය.

    එයින්, එක්සත් ජාතික පක්ෂය තුළ යම් දෙකඩවීමක් දැකගත හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ අනූව, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වූ බව, ආනන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ.

    Last modified on සෙනසුරාදා, 17 නොවැම්බර් 2018 16:49

    Latest News