මාලිංගගේ අවසන් තරගයේ දී බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්

ජූලි 26, 2019

    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම එක්දින ක්‍රිකට් තරගය දැන් පැවැත්වේ.

    ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 314ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්‍ෂ පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 111ක්. එය කුසල්ගේ පස්වන ශතකය මෙන්ම බංග්ලාදේශයට එරෙහිව රැස් කළ දෙවන ශතකය ද වේ.

    එමෙන්ම 2014 වර්ෂයෙන් පසුව කොළඹ ආර්.ප්‍රේමදාස එක්දින තරගයක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස් කළ ප්‍රථම ශතකය ද මෙයයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48යි. පන්දු යැවීමේදී ෂෆිඋල් ස්ලාම් කඩුලු 3ක් සහ මුෂ්ටෆිසර් රාමන් කඩුලු 2ක් දවා ගත්තේය. ලසිත් මාලිංග පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසෙන විට ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 315ක ඉලක්කයක් හිමිව තිබේ.

    මේ වනවිට පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 60ක් ලබාගෙන පන්දුවට පහර දෙමින් සිටී.

    Latest News