ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පසුගිය සිව් වසරේදි සක්‍රිය ජනතා දායකත්වයක්

ජූලි 26, 2019

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පසුගිය වසර 4ක කාලසීමාව තුළ දී රටේ ජනතාවට සක්‍රියව දායක වි ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍යහමුවක දී ප්‍රකාශ කළේ ය.

    ලංකා ගමනා ගමනමණ්ඩලයේ සේවකයින් 36,000 කට සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්,පාරිතෝෂිත දිමනා ලෙස බිලියන 25.5ක මුදලක් ගෙවා ඇති බවත් ඔහු කියා සිටියේය.

    මෙහිදි අදහස් දැක් වු ඇමතිවරයා සදහන් කළේ, ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ 106 ඩිපෝ 79 ක සේවකයින්ට මාසික වේතනය තම රජය බලයට පත් වන විට දි ගෙවා නෙතිබුණු බවත්,පාරිතෝෂික දිමනා ගෙවා නොතිබු අතර සේවකයින් ගේ පඩි වැඩි කර නොතිබුණු බවයි. තම රජය බලයට පත් විමෙන් අනතුරුව මේ සියල්ල ගෙවා ඇති බවත්,සේවකයෙක් විශ්‍රාම ගිය පසු මාස 3ක් ඇතුලත පාරිතෝෂිතය ලබා ගැනිමට හැකි බවත්,මාසික වේතනය මේ වන විට හිඟයකින් තොරව ගෙවිමට හැකි බවත් පැවසීය.

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2017 වසරේ දි ලංකා ගමනා ගමන මණ්ඩලය එකසිය හැට එක්කොටි අසු දෙලක්ෂයක ලාභයක් ලැබු අතර පසුගිය වසරේ එය කොටි 200 ඉක්මවා ගොස් ඇති බවයි.එමෙන් ඉතිහාසයේ ප්‍රථමවතාවට සේවකයින්ට රුපියල් 13,500ක බෝනස් මුදල් ලබා දිමට හැකියා ලැබිණි.එමෙන් ම සියලුම ගමනාගමන සේවකයින් ගේ වැටුප් කිරිමක් ද සිදු කර ඇති බවයි. එමෙන් බොහෝ බස් රථ ගෙන් වනු ලබන්නේ ලොරි චැසි මඟින් බවත් මින් ඉදිරියට එය ලොරි චැසි වෙනු වට නියම බස් රථ ගෙන්විමට තමා අදහස් කරන බවයි.එමෙන් මේ වසර අවසානයේ දි සුඛෝපභෝගි බස් රථ 200ක් ගෙන්විමට අනුමැතිය ලැබි ඇති බව ද කීය.

    දුමිරිය මඟින් දිනකට මගින් ලක්ෂ 4-5ක් පමණි ගමන් කරන අතර දුම්රිය මාර්ග කිලෝමිටර් 1562ක් වන අතර වර්තමාන රජය විස්න මාතර -බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කළ අතර බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වා එය දිර්ඝ කිරිමටත් ව්‍යාපෘතියක් සකස් කරමින් යනවා. එසේ වුවද දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට කෝටි 700ක පාඩුවක් ලබනවා. මෙහි දි නිතර වැඩ වර්ජන සිදු වෙනවා.ලංකාවේ වැඩිම වෘත්තිය සමිති ප්‍රමාණයක් තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ.

    දුම්රිය මඟින් වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බව පැවසු ප්‍රවාහන ඇමතිවරයා,කොළඔ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය,හඔරණ - කුරුණෑගල දුමිරිය ව්‍යාපාතිය,බෙලි අත්ත - හම්බන්තොට ව්‍යපෘතිය,කතරගම දුම්රිය ව්‍යාපෘතිය හා දුම්රිය මාර්ග නවිකරණය හා සංඥා නවිකරණය සිදු කෙරෙන බව පැවසීය.

    කොළඔ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය,සඳහා ඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් වැය වන අතර එහි ප්‍රධාන කාර්ය ලෙසින් කැලණි වැලි දුම්රිය මාර්ගය නවීකරණය සිදු වේ. 2024 දි අවසන් විමට නියමිතයි. එමෙන් ලංකාවේ අනාරක්ෂිත දුම්රිය මාර්ග 674 සඳහා BELL AND LIGHT සවි කිරිමටයි. මෙ වනවිට වසරකට 200 බැඟින් එය සවි කරමින් සිටින බව කීය දුමිරිය මැදිරි නවීකරණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එය දේශීය කර්මාන්ත කරුවන් ගෙන ටෙන්ඩර් දමා එම වැඩ පිළිවෙළ සිදු වෙමින් යනව.උඩරට මාර්ගය සඳහා ඉන්ජින් කට්ටල 12ක් ඉන්දියාවන් ඇණවුම් කර තිබෙනවා.2024 වසර වන විට ඉතාම හොඳ දුම්රිය සේවයක් ඇති කර හැකියි.

    රටේ අභන්තර ගුවන් තොටුපල 15ක් ඇති අතර එය නවිකරණය කර එය සාමාන්‍ය ජනතාව සඳහා වීවෘත කිරිමට බලාපොරොත්තු වෙනවා. පලාලි,සිගිරිය,මත්තල යනා දි ගුවන් තොටුපල මේ සඳහා යොදා ගන්නවා. දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවයට 9න් 6 වන ස්ථානය අපෙ රටේ සිවිල් ගුවන් සේවයට හිමි ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය සන්නිවේදන සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා එක් විය.

     

    Latest News