බොරැල්ල OIC මියයාමේ සිද්ධියට ඩිෆෙන්ඩර් රියදුරුට නඩු 

ජූලි 26, 2019

    අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ මරණය සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

    ඉකුත් පෙබරවාරි මස 24 වැනි දා බම්බලපිටිය පොලිස් වසම තුළ විත්තිකරු විසින් අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් වර්ගයේ වාහනයක් ධාවනය කර අනතුරක් සිදු කිරීම හේතුවෙන් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර පසුව
    ඔහු මිය ගියේය.

    අනතුර සිදු කිරීමෙන් පසුව විත්තිකරු තවත් පිරිසක් සමග සිය වාහන ද රැගෙන පළා ගොස් තිබූ බවයි පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

    මේ අනුව පරික්ෂාකාරී ලෙස රිය පදවා සාවද්‍ය මිනී මැරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් නමිදු උමේෂ් රත්නායක නැමැති මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

     

     

    Last modified on සිකුරාදා, 26 ජූලි 2019 14:13

    Latest News