කුලියාපිටියේ දී බෙලෙක් සමන්ට වෙඩි

ජූලි 26, 2019

    කුලියාපිටිය,ඇපදෙණිය හංදිය අසළ දී ඊයේ රාත්‍රී 8.10ට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබේ.

    තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කෙරිණ. තුවාල ලබා ඇත්තේ, 31 හැවිරිදි ඔහු ඇපදෙණිය,ගොමුගොමුව ලිපිනයේ පදිංචි සමන් චන්දන නොහොත් බෙලෙක් සමන් යන අයයි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුලියාපිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 26 ජූලි 2019 10:05

    Latest News