බදුල්ල වෙළඳසැලක ගින්නක්

ජූලි 25, 2019

    බදුල්ල,කහටරුප්ප,වැලිබිස්ස ගම්මානයේ වෙළඳසැළක් ගිනිගෙන විනාශ වී තිබේ. ගින්න හට ගැනුණේ රාත්‍රී 9.00ට පමණ.

    දැඩි පරිශ්‍රමයකින් පසුව ගම්වාසීන් හා බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවීමට කටයුතු කළේය.දෙමහල් ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ වෙළඳසැල පවත්වාගෙන යන අතර පහත මහලේ වෙළඳසැල් හිමියා පදිංචිව සිට ඇත.

    ගින්න හට ගැනීමත් සමඟ පවුලේ අය ගොඩනැඟිල්ලෙන් එළියට පැන තිබේ.මෙම වෙළඳසැල කුලුබඩු ඇතුල් විවිධ පාරිබෝගික භාණ්ඩ ද ගොඩනැඟිලි ද්‍රව්‍යද අලෙවි කළ ස්ථානයකි.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. බදුල්ල පොලීසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 07:43

    Latest News