update-STF අණදෙන නිලධාරී ලතීෆ් විශේෂ කාරක සභාව හමුවට

ජූලි 25, 2019

    පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹා තිබේ.

    පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට රැස්ව තිබේ.

    21 ප්‍රහාරය විමර්ශනයේ කාරක සභාව අදත් රැස්වෙයි (2019.07.25 පෙ.ව 7.30)

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අදත් (25) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.

    ආරක්ෂක ප‍්‍රධානීන් කිහිපදෙනෙකු කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබේ. ඒ අනූව, විශ‍්‍රාමික මේජර් ජනරාල් ලාල් පෙරේරා, පොලිස් විශේ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් ඇතුළු ආරක්ෂක ප‍්‍රධානීන් කිහිපදෙනෙකු විශේ කාරක සභාව හමුවේ අද දිනයේ සාක්ෂි ලබා දීමට නියමිතයි.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ යන අය ඊයේ දිනයේ සාක්ෂි ලබා දුනි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 12:01

    Latest News