කසළ ගෙන ඒම සොයා බැලිමට මුදල් ඇමතිගෙන් නියෝගයක්

ජූලි 23, 2019

    මෙරටට කැළි කසල ගෙනඒම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත නියෝග කර තිබේ.

    මෙරටට ගෙන්වා ඇති කැළි කසල නාගරික අබලි ද්‍රව්‍ය ගණයට අයත්වන බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව එම කාණ්ඩයට අයත් කැළි කසල ආනයනය කිරීමේදී අදාළ රටේ පරිසර අධිකාරියේ අනුමැතිය අවශ්‍ය බව ද මුදල් අමාත්‍යංශය වැඩි දුරටත් කියා සිටී. එවැනි අවසරයකින් තොරව මෙම ද්‍රව්‍ය ගෙන ආවේ ද යන්න සොයා බලන ලෙස ද අමාත්‍යවරයා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

    Latest News