කටුවාපිටිය විපත් පත්වූවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

ජූලි 23, 2019

    පාස්කු ඉරුදින කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඉදි කෙරේ.

    නිවාස සංවර්ධන අධිකාරිය ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 504ක්. කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් නිවාස තැනීමට අගරදගුරු පදවි සහන අරමුදල රුපියල් ලක්ෂ 410ක වියදමින් භූමි භාගයක් මිල දී ගෙන තිබේ.

    එම භූමියට අදාළ තෑගි ඔප්පුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සෙත් සරණ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් වෙත පිළිගැන්වීම පසුගියදා සිදු කරන ලැබීය. නිවාස ව්‍යාපෘතියට අදාළ සැලැස්මේ ලිපිගොනු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අගරදගුරු හිමිපාණන් වෙත බාර දෙනු ලැබුවේ, නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල තබන උත්සවයේදී.

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 11:31

    Latest News