රූමස්සල ගැටුණු ඉන්දීය නෞකාවේ ඉන්ධන ඉවත් කිරීම ඇරඹේ (වීඩියෝ)

ජූලි 20, 2019

    අයහපත් කාලගුණය හේතුවෙන් රූමස්ල කන්දේ ගැටුණු ඉන්දියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඉන්ධන තොග ඉවත් කිරීම ආරම්භ කර තිබේ.

    එහි ඉන්ධන ටොන් 15ක් ඇති බව පැවසේ. නෞකාවට අනතුරක් සිදුවුවහොත්, එම ඉන්ධන සාගරයට එක්වීමේ අවදානමක් පවතී. එම නිසා නැවෙන් ඉන්ධන කඩිනමින් ඉවත් කරන ලෙසට අදාළ නැව් ඒජන්ත සමාගමට කළ නියෝගයට අනුවයි, එම මූලික කටයුතු අද සවස ආරම්භ කෙරුණේ. නමුත්, අයහපත් කාලගුණය සහ මුහුදු රළේ තත්වය වෙනස්වීම හේතුවෙන් ඊට බාධා එල්ලවී තිබේ. හැකි ඉක්මණින් නෞකාවේ ඇති ඉන්ධන ඉවත් කිරීමට හැකිවනු ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරිය විශ්වාසය පළ කරයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 20:24

    Latest News