කටුනායක ගොඩ ගැසූ කුණු නැවත එංගලන්තයට

ජූලි 19, 2019

    එංගලන්තයේ වෙන්ගාර්ඩ් ලිමිටඩ් ආයතනයෙන් ආනයන කර කටුනායක අපනයන සැකසුම් කලාපයේ ගොඩගසා ඇති අපද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වූ ආයතනයේ වියදමින්ම යළි එංගලන්තයට යැවීමට නියෝග කිරීමට පියවර ගෙන තිබේ.

    මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා මේ බව පැවසීය. මෙරට පුද්ගලික ආයතනයක් විසින් මෙම අපද්‍රව්‍ය තොගය ගෙනුවනු ලැබ ඇත්තේ එංගලන්තයේ වෙන්ගාර්ඩ්ස් ලිමිටඩ් ආයතනයෙන්. භාවිත කරන ලද මෙට්ට, පාපිසි, වාහන කාපට් හා මිශ්‍ර අපද්‍රව්‍යය තොගයක් මීට ඇතුළත්. මේ දක්වා අපද්‍රව්‍ය අඩංගු අඩි 40ක බහලුම් 130ක්අවස්ථා 12කදී ආනයනය කර තිබේ. එහි ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 28,000 කට ආසන්නවේ. බහලුම් නිරීක්‍ෂණය කරන අවස්ථාවේ දී අඩි 50,000ක පමණ ප්‍රදේශයක එම අපද්‍රව්‍ය ගොඩගසා තිබුණි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බාසල් සම්මුතියට අත්සන් තබා ඇති රටක්. එම සම්මුතියට අනුව යම් රටකට එම රටේ එකඟතාවයකින් තොරව තවත් රටකින් අපද්‍රව්‍ය ආනයනය සිදු කළ නොහැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දී තිබේ.

    Latest News