ජාතික පොලිස් කොමිසමේ ලේකම් CID අත්අඩංගුවට

ජූලි 18, 2019

    ඇවන් ගාර්ඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

    ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් කරුණු ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිට ඊයේ (18) දන්වා සිටියේය.

    ඒ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති විසින් කරන ලද ඉල්ලීමකට අනූව කළ කරුණු පැහැදිලි කිරීමක් ලෙසිනි. සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (14) ප්‍රතික්ෂේප කරනු ලැබිණ.

    ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුරක ඇති නඩුවට අවශ්‍ය සැකකරුවන් වන සමන් දිසානායක මහතා හා දමයන්ති ජයරත්නව ලබන සිකුරාදාට (19) පෙර අත්අඩංගුවට ගෙන නීතිපති වෙත වාර්තා කරන ලෙස ද වැඩබලන පොලිස්පතිට නීතිපති විසින් ඊයේ (14) උපදෙස් දී තිබේ.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Latest News