පහළ වැටුණ ගම්මිරිස් මිලට බදුල්ල ගොවීන් පාරට

ජූලි 17, 2019

    ගම්මිරිස් මිල විශාල ලෙස පහත වැටීමට විරෝධය පළකරමින් ගම්මිරිස් සදහා සහතික මිලක් ලබාදෙන ලෙස රජයට බලකරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවීහු අද (17) බදුල්ල නගරයේ පෙළපාළියක් හා උද්ඝෝෂණයක් දියත් කළහ.

    බදුල්ල මහ රෝහල අසළ සිට පෙළපාලියෙන් පැමිණි පිරිස ඌව පළාත් සභාවේ දොරටුව හා එම ස්ථානයේ මාර්ගය අවහිර කරමින් සටන්පාඨ කියමින් උද්ගෝෂණයේ නියැලුනහ. විරෝධතා බැනර් හා පොස්ටර්ද ඔවුන් අත විය. බදුල්ල,හල්දුම්මුල්ල,වැලිමඩ,සොරණාතොට,මීගහකිවුල,බුදුගේ කන්ද, ඌවපරණගම, හපුතලේ, පස්සර,ඇල්ල යන ප්‍රදේශවල ගම්මිරිස් ගොවීන් මෙම උද්ගෝෂණයට සහභාගී විය.

    පැය දෙකක පමණ කාලයක් විරෝධතාව පැවැත්වූ ගම්මිරිස් ගොවීහු සාමකාමී ලෙස විසිර ගියහ. විදේශ රටවලින් ගම්මිරිස් ආනයනයකර ප්‍රතිඅපනය කිරීමේ ජාවාරම වහාම නතර කරන ලෙසටද ඔවුහු රජයට බලකර සිටියහ. ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුව විසින් මෙය සංවිධානය කර තිබිණ. බදුල්ල පොලිසිය උද්ඝෝෂණයට ආරක්ෂාව සපයා තිබිණ.

    Last modified on බදාදා, 17 ජූලි 2019 14:53

    Latest News