අද්මිරාල් විජේගුණරත්නගේ නඩුව ලබන ඔක්තෝබර් 09 තෙක් කල් යයි

ජූලි 17, 2019

    වරෙන්තුකරුවෙකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය දුන්නේ යැයි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එල්ලවන පැමිණිල්ල ලබන ඔතෝම්බර් මස 09 වනදා යළි කැඳවන්නැයි අධිකරණය අද(17) නියෝග කර ඇත.

    හිටපු නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින්, කප්පම් ගැනීම සඳහා 2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට රැකවරණය දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල ලබන ඔතෝම්බර් මස 09 වනදා යළි කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් දැනට ඇප මත සිටින හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ ලක්සිරි අමරසිංහ යන අය අද අධිකරණය හමුවේ පෙනි සිටි ඇත.

    සැකකාරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට මැලේසියානු රටට යාමට ආධාර අනුබල දුන් බව කියන, ඔහු සැඟවී සිටි බව කියන ඉඩම හිමිකරු වන ලක්සිරි සමරසිංහ යන අයගේ විදේශ ගමන් තහනම ඉදිරි දින දක්වා ඉවත් කරන ලෙසටත් ජංගම දුරකතනය මුදා හරින ලෙසටත් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

    කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ද ඒ මහතා කැඳවූවත් නොපැමිණි බවත්, ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අවස්ථා දෙකකදී අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඉකුත් වසරේ අගෝස්තු 13 වැනි දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ අතර මෙම අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් එම ප්‍රකාශ වලට අදාලව ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

    Last modified on බදාදා, 17 ජූලි 2019 14:40

    Latest News