පිළියන්දල ඩෙටනේටර් සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට; 4කට රැඳවුම් නියෝග

ජූලි 16, 2019

    පිළියන්දල හැඬිගම ප්‍රදේශයේ නිවසක තිබී විද්්‍යුත් ඩෙටනේටර් 290ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළියන්දල පොලිසියට බාරවී ඇත.

    ඊයේ මෙම ඩෙටනේටර් තොගය සමඟ පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණ. මෙම සැකකරුවන් සිව් දෙනා දින තුනකම රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව, පොලිසිය පවසයි. මෙම විද්්‍යුත් ඩෙටනේටර් තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පිළියන්දල පොලිසියේ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව ක්‍රියාත්මක කරනු ලැබේ.

    Latest News