තැපැල් වර්ජනය ලබන සිකුරාදා තෙක් නවත්වන්න; ඇමති වෘත්තිය සමිතිවලින් ඉල්ලයි (වීඩියෝ)

ජූලි 16, 2019

    තැපැල් වර්ජනය ලබන සිකුරාදා තෙක් නවත්වන ලෙස, අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටී.

    ඔහු පවසන්නේ, වර්ජනයට හේතු වූ කරුණුවලට අවශ්‍ය විසඳුම් ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි. තැපැල් වෘත්තිය සමිති අද සිට දින දෙකක කාලයක් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, 6/2016 චක්‍රලේඛය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා මහනුවර අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධව අදහස් පළ කළා.
    එහිදී අදහස් පළ කළ අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා...

    “ අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේ සම්බන්ධව සාකච්ජා කළ යුතුයි කියලා. සිකුරාදා හවස 6.00ට කැබිනට් මණ්ඩලය රැස්වෙනවා. එතනදී අනිවාර්්‍යයෙන්ම මේ ප්‍රශ්න සම්බන්ධව සාකච්ජා කරනවා. මම විශ්වාස කරනවා මේ ප්‍රශ්නය විසඳගන්න හැකිවෙයි කියලා. ඒ වනතුරු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරලා සේවයට වාර්තා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා“ යැයි අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2019 20:08

    Latest News