පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට මිලියන 262ක වන්දි

ජූලි 11, 2019

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට රජය රුපියල් මිලියන 262ක වන්දි මුදල් ගෙවා තිබේ.

    ඒ හානිපූර්ණය සඳහා වන කාර්යාලය මගින්. ප්‍රහාරයෙන් මියගිය 263 දෙනෙකු අතරින් 201 දෙනෙකුට සහ තුවාල ලැබූ 500 දෙනෙකු අතුරින් 438 දෙනෙකුට වන්දි මුදල් ගෙවා තිබේ. ඊට අමතරව, ප්‍රහාරයෙන් හානි වූ දේවස්ථාන නැවත ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් යුද හමුදාව සහ නාවික හමුදාවට අත්තිකාරම් ලෙස නිදහස් කෙරිණ. කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 10ක් ද, මඩකලපුව සියෝන් දේවස්ථානය වෙනුවෙන් රුපියල් මිලියන 5ක් ද, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සඳහා රුපියල් මිලියන 10ක් ද වශයෙන් අත්තිකාරම් මුදල් ලබාදී ඇතැයි, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදනය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන්.

    Latest News