රිදී මහා විහාරයේ පුස්කොළ පොත් සංරක්‍ෂණය කෙරේ

ජූලි 11, 2019

    කුරුණෑගල රිදී මහා විහාරයේ පුස්කොළ පොත් සංරක්‍ෂණය කෙරේ. ඒ, විද්වත් මණ්ඩලයක් මගින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවයි.

    ථෙරවාදී බුදුදහම විකෘති කිරීම හා වැරදි අර්ථකතන ලබාදීම වැළැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, ථෙරවාදී පාලි ත්‍රිපිටකයේ ඇති වැදගත්කම නිසාම යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට එය ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. එම වැඩසටහනට සමගාමීවයි, ශ්‍රී ලංකාවේ සංරක්‍ෂණය නොකළ ත්‍රිවිටක පුස්කොළ පොත් සංරක්‍ෂණයට ජනාධිපතිතුමා විද්වත් කමිටුවක් පත් කළේය. එම කමිටුවේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩපිළිවෙළේ එක් අදියරක් ලෙසයි, කුරුණෑගල රිදී විහාරයේ ඇති පුස්කොල පොත් සංරක්‍ෂණයට පියවර ගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 ජූලි 2019 20:09

    Latest News