යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක දිවයිනට

ජූලි 11, 2019

    යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජිල් ද කෙයාර්ශෝව් මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව  තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ කෙයාර්ශෝව් මහතා ශ්‍රි ලංකාවට අමතරව මාලදිවයිනේ ද සංචාරය කිරිමට නියමිත බවයි. හෙට දිනයේ සිට ලබන 16 වන දින දක්වා ඔහු මෙම සංචාරයේ නිරත වන බව යුරෝපා සංගමය පවසයි.

    ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වලට සහය දැක්වීම මෙම සංචාරයේ අරමුණ වී ඇත. කෙයාර්ශෝව් මහතා මෙම සංචාරය තුළ දී ආණ්ඩු සහ විපක්ශයේ නියෝජිතයින්,ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම සිවිල් සංවිධාන නියොජිතයන් සමඟ සාකච්ඡා කිරිමට නියමිත බව යුරෝපා සංගමය සඳහන් කළේය.

    Latest News