ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

ජූලි 11, 2019

    ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇකි විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද වීමසීම අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

    අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දිනයේ ආරම්භ වු අතර අද දිනයේත් විවාදය පැවැත්වීමට නියමිතයි. විවාදයෙන් අනතුරුව අද පස්වරු 6.00ට විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත. ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යොජනාව සම්මත කර ගැනිමට ආණ්ඩු විරෝධි සියලු මන්ත්‍රිවරුන්ගේ සහය අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

    එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මන්ත්‍රිවරුන් ද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යොජනාවට සහය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

    විශ්වාසභංග යෝජනාවට සහය පළ කරන්නේ ද නැද්ද යන්න පිළිබදව අද දිනයේ රැස්වී අවසන් තිරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මළනාදන් මන්ත්‍රීවරයා සඳහන් කලේය.

    Latest News