රා නිෂ්පාදනාගාර 2ක් වටලයි

ජූලි 07, 2019

    අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මහා පරිමාණ කෘතිම රා නිෂ්පාදනාගාර දෙකක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්විය.

    ඉන් එක් ස්ථානයකින් රුපියල් තිස් දහසක කප්පම් මුදලක් කොස්ගොඩ ප්‍රදේශයේ අපරාධ කල්ලි නායකයෙකුට දෛනිකව ගෙවන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී රා ලීටර පනස් දහසක් සමඟ දෙදෙනෙකු අත් අඩංගුවට ගැණින. විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රී වැටලීම සිදුකර තිබේ. කාලයක සිට එහි කෘතිම රා නිෂ්පාදනය කර ඇති බවයි අනාවරණය වන්නේ. විනාකිරි නිෂ්පාදන බලපත්‍රයක් ඊට යොදා ගෙන තිබේ.

    Latest News