බියගමටත් සමෘද්ධිය

ජූලි 07, 2019

    පාට, පක්‍ෂ භේද නොතකා අවශ්‍ය පුද්ගලයන්ට සමෘද්ධිය ලබාදීමට රජය කටයුතු කර ඇතැයි, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    ඉදිරියේ දී තවත් විශාල පිරිසකට සමෘද්ධිය ලබාදීමට රජය සූදානම් බව අමාත්‍යවරයා කියා සිටියේය. බියගම ආසනයේ දිළිඳු පවුල් 1,160කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ උත්සවයට අද (07) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එම හිමිකම්පත් ප්‍රදානය කෙරුණේ, ලක්‍ෂ 6කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ රජයේ වැඩසටහනට සමගාමීවයි. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
    මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා...

    “ඇත්තට එක්සත් ජාතික පාක්ෂිකයන්ට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නැහැ සමෘද්ධිය ලබාගන්න. මේ ආණ්ඩුව තුළ අපේ පාක්‍ෂිකයින්ට ඒක ලබාදෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට පමණක් නොවෙයි සෑම පක්‍ෂයක්ම නියෝජනය වන පරිදි තමයි දෙන්නේ. මේ ආණ්ඩුව යටතේ ඇත්ත වශයෙන්ම අපි පක්‍ෂ භේදයක් නැතුව තමයි මේ සහන ටික ලබාදෙන්නේ“ යැයි රුවන් විජේවර්ධන මහතා පැවසීය.

    Latest News