වට්ස්ඇප්,ෆේස්බුක්,ඉන්ස්ටර්ග්‍රෑම් අවහිරය අවසන්

ජූලි 04, 2019

    ඊයේ (03) දිනයේ පැය ගණනාවක් බිඳවැටී තිබූ වට්ස්ඇප්, ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් සේවා යළි යථා තත්වයට පත් වී ඇති බව වාර්තාවේ.

    ඊයේ දිනයේ එම සේවාවල වීඩියෝ සහ ඡායාරූප හුවමාරුවට අවහිරතා ඇති වූ අතර එය ශ්‍රී ලංකාවට බලපෑවේ සවස් කාලයේය. හදිසි බිඳවැටීම හේතුවෙන් ලොව පුරා වට්ස්ඇප්,ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරන්නන් අපහසුතාවට ලක්විය

    මේ වන විට ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්සර්ග්‍රෑම් සේව යළි යථා තත්වයට පත් කළ බව එම සමාගම නිවේදනය කර ඇත. මෙම සේවා 3නේම අයිතිය ෆේස්බුක් සමාගම සතු වේ.

    නමුත් තවමත් එම සේවා යථා තත්වයට පත් වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. මෙම අවහිරතාව නිසා පාරිභෝගිකයන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධව එම සමාව අයදින බව එම සමාගමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ. නඩත්තු කටයුත්තක් අතරතුර දත්ත පද්ධතියේ හටගත් දෝෂයක් නිසා බිඳ වැටීම සිදුව තිබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 09:19

    Latest News