පලෙයි අනතුරකින් දෙදෙනෙක් මරුට

ජූලි 04, 2019

    පලෙයි,කිලිනොච්චිය - යාපනය මාර්ගයේ ඉත්තෑවිල් ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    යාපනය දෙසට ධාවනය වූ ලොරි රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනතුරින් රථ දෙකෙහිම රියදුරන් මියගොස් ඇති බවයි, පොලිම් මූලස්ථානය පවසන්නේ. මියගොස් ඇත්තේ 32 හැවිරිදි තබෝධරන් දර්ශන් හා 40 හැවිරිදි සේනාධිරාසා සෙල්වකුමාර් යන අයයි. ඔවුන් වව්නියාව හා මඩකලපුව පදිංචිකරුවන්.

    අනතුර සම්බන්ධයෙන් පලෙයි පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 09:16

    Latest News