පූජිත හා හේමසිරි හදිසියේම රෝහලට

ජූලි 02, 2019

    පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රෝහල්ගත කෙරිණ. ඔවුහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව සිටියහ.

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි, වාර්තා වන්නේ. හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරිණ. නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගිය 27 වැනිදා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දුන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරල ලෙසයි.

    ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගැනීම හේතුවෙන් ඊයේ නීතිපතිවරයා යළි වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ ඊට හේතු ලිඛිතව ඊයේ දිනයේම තමන්ට යොමු කරන ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 11:45

    Latest News