ද්විපාර්ශවික වෙළෙඳාම ප්‍රවර්ධනයට US තාක්ෂණික සහය

ජූලි 01, 2019

    ද්විපාර්ශවික වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා තාක්ෂණික සහාය ලබාදීමට අමෙරිකාව එකඟතාව පළකර තිබේ.

    මේ බව ප්‍රකාශ කෙරුණේ, අමෙරිකා - ශ්‍රී ලංකා වෙළෙඳ හා ආයෝජන එකඟතාවය යටතේ පසුගියදා කොළඹ පැවති හමුවකදී. 13 වැනි ඒකාබද්ධ කවුන්සිල හමුවට දෙපාර්ශවය නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. එහිදී වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයේ මාතෘකා රැසක් ඔස්සේ සමීප සංවාදයක් පැවති බවයි, වාර්තා වන්නේ. වෙළෙඳ පහසුකම්, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය හා නවීකරණය ඇතුළු මාතෘකා රැසක් කෙරෙහි එහි දී අවධානය යොමු කෙරිණ.

    අමෙරිකානු දූත පිරිස එහි දී කියා සිටියේ, ද්විපාර්ශවික වෙළෙඳාම වැඩිදියුණු කිරීමට, නිපුනතා හා ධාරිතා සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික සහය මෙරටට ලබාදෙන බවයි. ශ්‍රී ලංකාවේ සමස්ත බාහිර වෙළෙදාමෙන් 12%ක් සිදු කෙරෙන්නේ අමෙරිකාව සමගයි. අමෙරිකාව, මෙරට තනි විශාලතම වෙළෙඳ හවුල්කරු වෙයි.

    Last modified on සදුදා, 01 ජූලි 2019 10:03

    Latest News