ඊසිකෑෂ්වලින් මුදල් අය කර හෙරොයින් බෙදා මාට්ටු

ජූනි 28, 2019

    ජංගම දුරකතනයෙන් මුදල් ගෙවීමේ ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් විකිණූ අයෙක් බදුල්ලේදී අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ පුද්ගලයා දිගු කලක් සිට මේ ජාවාරම සිදු කර ඇති අතර මුදල් ලැබුනු පසු දුරකථයෙන් දන්වන ස්ථානයන්හි හෙරොයින් පැකට් සඟවා යන බව බදුල්ල දිසා පොලිස් විෂමත්ද්‍රව්‍ය ඒකකය පවසයි. පොලිසිය විසින් කාලයක් තිස්සේ සෝදිසියෙන් සිට මෙම මෙහෙයුම සිදුකර ඇති අතර සැකකරු ප්‍රධාන පෙලේ හෙරොයින් බෙදාහරින්නෙකු ලෙස හඳුනාගෙන ඇත.

    සැකකරු පළායාමට උත්සාය කළ නමුත් පිටපසු හඹාගොස් බදුල්ල උඩුවර අතුරුමාර්ගයකදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහුගේ යට ඇදුම් තුළ පොලිතින් මල්ලක දැමූ ලක්ෂ 2ක් වටිනා හෙරොයින් පැකට් 60ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

    සැකකරු බදුල්ල උඩුවර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර යුද හමුදාවෙන් පළාගිය සෙබලෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. මෙම සැකකරු මීට පෙර ද හෙරොයින් වදරකට සිර ගතව සිට මාස 2 කට පෙර නිදහස ලැබුවෙකු බව විමර්ශනවලදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

    Latest News