මහජන බැංකුව පෞද්ගලීකරණය කරන්නේ නැහැ - අමාත්‍ය කිරිඇල්ල

ජූනි 28, 2019

    මහජන බැංකුව පෞද්ගලික අංශයට පවරා දීමක් සිදු නොවන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මහජන බැංකු සේවකයන් අතරේ කොටස් බෙදා දීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරය එහිදී පෙන්වා දී ඇත. විවාදයේ දී පළ වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    මුදල් අමාත්‍යංශය පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නව පනත අනුව, බැංකුව සතු කොටස් එහි සේවකයන්ට සහ තැන්පත්කරුවන්ට වෙත නිකුත් කෙරෙන බවයි. ඉන් පරිබාහිර කිසිවෙකුට එම කොටස් නිකුත් නොකෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. මහජන බැංකුවේ කොටස් විකුණා දැමීමට රජය උත්සහ දරණ බවට ඇතැම් පුවත්පත්වල පළ වූ වාර්තා මහජනතාව නොමග යවන අසත්‍ය මෙන්ම ද්වේශ සහගත ප‍්‍රවෘත්තියක් බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

    Latest News