අනවසර සංක්‍රමණිකයින් තිදෙනෙකුට ඩෙල්ෆ් මුහුදේදී මාංචු

ජූනි 27, 2019

    ඩෙල්ෆ්, කුවින්තවාඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ ශ්‍රීලාංකිකයන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගැනිණ.

    සැකකරුවන් නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට මෙරටට පැමිණ ඇති බව කරුණු අනාවරණය විය.අත්අඩංගුවට ගත් සැකකරුන් වයස අවුරුදු 24, 27 සහ 34 ක් වන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඩෙල්ෆ් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය වෙත ඔවුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කළේය.

    අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඩෙල්ෆ්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 08:01

    Latest News