අනිවාර්ය නිවාඩුයැවූ පූජිතගේ පෙත්සම සලකා බැලීම 31 (වීඩියෝ)

ජූනි 24, 2019

    තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට, ප්‍රකාශ කරන්නැයි ඉල්ලි අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි 31 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

    ඒ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදී. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් හා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන පාර්ශව විරෝධය දක්වමින් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි. එම දිවුරුම් පෙත්සම්වල මුල් පිටපත් තමන් වෙත ලැබී නොමැති බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අධිකරණයට දන්වා සිටියේය. අදාළ ලේඛන විනිසුරුවරුන්ගේ ගොනුවලට ද මෙතෙක් ඇතුළත්වී නොමැති බව විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනූව, පෙත්සම සළකා බැලීම ජුලි 31 වැනිදා සිදු කරන ලෙසටයි, ත්‍රිපුද්ගල විනිසුරුවරුන් නියෝග කළේ.

    Last modified on සදුදා, 24 ජූනි 2019 20:09

    Latest News