වැලිකඩ ප්‍රහාරය විශේෂ මහාධිකරණයට: එමිල්, රංගජීව, සුජීවට අධි චෝදනා 33ක්

ජූනි 21, 2019

    ඉකුත් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපති විසින් අගවිනිසුරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

    2012 නොවැම්බර් මස 09 දා වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් සිරකරුවන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබිය.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ බන්ධනාගාර බුද්ධි අංශයේ නිළධාරි හිමදුවගේ සුජීව සම්පත් යන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 33 ක් යටතේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්‍ෂ කරණ බව නීතිපති විසින් අගවිනිසුරුට යොමු කළ ලිඛිත ඉල්ලීමේ සඳහන්වේ. මෙම සිද්ධියේ තෙවන සැකකරු ලෙස නම් කිරීමට නියමිත ඉමදුවගේ සුජීව සම්පත් මේ වන විට අධිකරණය මගහැර සිටි.

    මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපති ඉල්ලා සිටින බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය

    Latest News