අස්ගිරි නාහිමි - ප්‍රකාශයට වැරදි අර්ථ කථනයක්: රජය හෝ මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් නෑ (විඩියෝ)

ජූනි 21, 2019
  • තමන් වහන්සේ කළ ප්‍රකාශයක් වැරදි සහගත ලෙස අර්ථ කථනය කර ඇතැයි ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පර්ශවයේ මහානායක හිමියන් පවසයි.

    මාධ්‍ය වෙත අද (21) විශේෂ ප්‍රකාශයක් කරමින් අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤණරතනාභිධාන මහා නායක හිමියන් මේ බව කියා සිටියහ.

    ඩී.එස්.සේනානායක මහතා විසින් බිහි කරන ලද මහා පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය හැඳින්විය හැකි බවත්, එම පක්ෂය තුළින් මිනිස් වර්ගයාට හා රටට සේවයක් සිදුවු බව ද සඳහන් කළේය. පසුගිය දා මුස්ලිම් අන්තවාදීන් අතලොස්සක් හේතුවෙන් අසරණ ජනතාවට විපත හේතුවෙන් රජය පිළිබඳ අප්‍රසාදයක් හා බියක් ඇතිව තිබෙන බව ද උන්වහන්සේ සිය නිවේදනයෙන් කියා සිටි. පරීක්ෂණ මඟින් වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන බව ද පැවසු උන්වහන්සේ, එසේ නොවෙන හොත් ජනතාව තවත් වත්මන් රජය අප්‍රසාදයට පත් කරනු ඇතැයි ද පැවසීය.

    වත්මන් රජය පිළිබඳව හෝ මුස්ලිම් ජනතාව කෙරෙහි කිසිදු වෛරීය හැඟීමක් නොමැති බවත් සියලු දෙනාම ජාතින් ලෙස එක්ව ඉදිරියටත් වැඩ කරනු ඇතැයි බලාපොරොත්තු වන බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටි.

    එයට අවශ්‍ය පියවර රජය විසින් ගත යුතු බවද වරකාගොඩ ධම්මසිද්ධි හිමියන් පැවසුහ. භික්ෂුවක් ලෙස තමන්ට පැවරී ඇත්තේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීම පමණක් බවත්, ඒ හැර පක්ෂ දේශාපලනයක් හෝ වෙනත් ජාති භේදයක් ඇත්තේම නැති බව සඳහන් කළේය.

    Latest News