'උසාවිය නිහඩයි' වාරණයට දොස් කී, විජේසූරියට පැමිණිල්ලක්

ජූනි 21, 2019

    අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියකට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු මස 26 වැනිදා යළි කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

    නීතිඥ සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු වන වසන්ත අල්විස් යන අය විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ. මෙම පැමිණිල්ල අද දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී වගඋත්තරකාර මහාචාර්ය සරත් විජේසූරිය මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම චෝදනා පත්‍රයට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

    ඒ අනුව, පැමිණිල්ල අගෝස්තු මස 26 වැනිදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින ඒ පිළිබඳ කරුණු දක්වන්නැයි වගඋත්තරකාර පාර්ශවයට දන්වා සිටියේය.

    'උසාවිය නිහඬයි' නමැති චිත්‍රපටියට අධිකරණය මඟින් නිකුත් කළ වාරණ නියෝගයක් විවේචනය කරමින් අදහස් ප්‍රකාශ කිරීම තුළින් සරත් විජේසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් පැමිණිලිකරුවන් විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 18:35

    Latest News