රජයේ සේවකයින්ට රු. 2500ක දීමනාවක්- ගම්පෙරළිය මිලියන 48000ක ආයෝජන (වීඩියෝ)

ජූනි 18, 2019

    ''නවීන වෙළඳපොළ ආර්ථිකයක් තුළ මානව සංවර්ධනයට මුල්තැන දී තිබෙනවා.

    අපේ රජය යටතේ සැබෑ සංවර්ධනයක් ගමට ගෙන යනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ මිලියන 48000ක සංවර්ධන ව්‍යාපෘති රට පුරාම මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා ''යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    මුදල් අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    දුප්පත්කමින් ගොඩ ඒමට නම් සදාකාලිකව දුප්පත්කමින් ගොඩ ඒමට වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන. විවිධ අභියෝග දුෂ්කරතා මැද්දේ රටක් ලෙස සාර්ථක දිගුකාලීන සංවර්ධන මාවතකට යොමු වී සිටිනවා. මුදල්  අමාත්‍යවරයා ලෙස අභියෝග රාශියකට මුහුණ දෙන්නට සිදු වුණා.එක් පැත්තකින් මහා නියම්ම්නගයකට මුහුණ  දුන්නා.ගංවතුරකට මුහුණ දුන්නා.කුමන්ත්‍රණයකට මුහුණ දුන්නා. හැම භියෝගයකට සාර්ථකව මුහුණ දුන් අවස්ථාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයකට ද මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරයෙන් පසු වුවද රටේ ආර්ථිකය ක්‍රමක්  ක්‍රමයෙන් ආපස්සට යන්න නොදී ශක්තිමත්ව ඉදිරියට ගෙන යන මොහොතකයි විවාද කරන්නේ.

    පසුගිය අවුරුදු කීපයේ ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීමට අපට හැකි වී තිබෙනවා.පුද්ගලඉක ප්‍රතිලාභ වාසි පුද්ගලික න්‍යාය පත්‍ර අක්‍රමිකත නැතිව රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් මහජනතාව බලගන්වමින් ගෙන යන සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් දැන් අප දියත් කරමින් සිටිනවා.විශාල ත්‍රස්තවාදී ප්‍රශ්නයකින් පසුව වුවත් සර්ව ආර්ථික ස්ථාවරත්වය නොසැළී පවත්වාගනිමින් උද්ධමනය විරැකියාව පාලනය කරමින් ඒකපුද්ගල ආදායමත් දළ දේශීය නිෂ්පදනයත් ඉහළ මට්ටමක තබා ගැනීමට පුළුවන් වී තිබෙනවා.

    ලෝකයේ වෘත්තීමය ආයතන මේ රටේ ආර්ථිකය ගැන ධනාත්මක නිගමනවලට එළබී තිබෙනවා.පසුගිය මාස කීපය තුළ ඩොලර් මිලියන 1200කට වැඩි ජාත්‍යන්තර ආධාර හිමි වුණා.සති කීපයකට පෙර ලෝක බැංකුවේ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සඳහා ඩොලර් මිලියන 70ක මුදල ලබා දුන්නා.මීට අමතර ව ඩොලර් මිලියන 152ක් සංවර්ධන ව්‍යාපෘති තුනක් සඳහා ලබා දී තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංකල්ප්ය වෙනුවෙන් ඩොලර් බිලියන 50ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් අනුමත කළා.මේ සියලු ජාත්‍යන්තර ආධාර හිමි වෙන්නේ පෞද්ගලික හිතවත්කම් හෝ පුද්ගලික මිත්‍රකම් නිසා නොවේ.අපේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති ගැන තිබෙන පැහැදීම නිසයි.

     නවීන වෙළඳපොළ ආර්ථිකයක් තුළ මානව සංවර්ධනයට මුල්තැන දී තිබෙනවා.අපේ රජය යටතේ සැබෑ සංවර්ධනයක් ගමට ගෙන යනවා.ගම්පෙරළිය වැඩසටහන යටතේ මිලියන 48000ක සංවර්ධන ව්‍යාපෘති රට පුරාම මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

    රට වැඩබිමක් වෙලා,ගමේ සුළු පරිමාණ කොන්ත්‍රත් කරුවන්ට, ව්‍යාපාරිකයන්ට ගමේ සමිති සමාගම්වලට හැම ආසනයකටම තවත් මිලියන 100ක් ගම්පෙරළිය හරහා සංවර්ධනයට ලබාදෙනවා.ධර්මශාලා ව්‍යාපෘතිය සඳහා ආසනයකට කෝටියක මුදලක් ලබා දෙනවා.මේ අනුව විහාරස්ථාන හා වෙනත් ආගමික ස්ථාන 800ක් ඊළඟ මාස හය තුළ ක්‍රියාත්මක කෙරෙනවා. සියලු සංවර්ධන කටයුතු නොකඩවා සිදු කරනවා.කිසිම වෙලාවක රජයේ සේවකයින් අමතක කළේ නෑ.ජූලි මාසයේ පළමු වෙනිදා පසුගිය අයවැයෙන් ලබාදුන් යෝජනා රාශියක් ක්‍රියාත්මක වන්නේ ජූලි මාසයේ පළමු වෙනිදායි.මේ මාසයේ අවසානයේ සිට සියලු රජයේ සේවකයින්ට ලැබෙන රුපියල් 7700ක ජීවන දීමනාවට අමතරව අලුතින් රුපියල් 2500ක අන්තර් දීමනාවක් ලැබෙනවා.

    නිධන් ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට ලබාදෙන රුපියල් 5000ක මුදල රෝගීන් 26000 සිට 27000 දක්වා තවත් අලුතෙන් 5000ක ප්‍රමාණයකට මුදල ලැබෙනවා.මේ තරම් අභියෝග තියාගෙන නියඟයකට මුහුණ දීලා,ගංවතුරකට මුහුණ දීලා,දේශපාලන කුමන්ත්‍රණයකට මුහුණ දීලා,මහා බෝම්බ ප්‍රහාරයකටත් මුහුණ දීලා,මේ තරම් වැඩ කළ ආණ්ඩුවක් ශක්තිමත් ආර්ථිකක් තිබුණු ආණ්ඩුවක් තිබුණේ දැයි අසනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 20:19

    Latest News